Stroboscopic Flash with Speedlights


තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තාමනයේ දි අප බහුලව භාවිතා කරන ක්ෂණික ආලෝක එල්ලය “Speedlight”  ලෙස හදුන්වනු ලැබේ. ඩිජිටල් කැමරාවක් ගන්නා ඕනැම ඡායාරූප ශිල්පියකුගේ ඊළඟ ඉලක්කය Speedlight එකක් මිලදී ගැනීමය. ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරනු ලබන කැනන් හා නිකොන් කැමරා වෙනුවෙන්ම නිෂ්පාදිත Speedlight වල ඇති පහසුකමක් මෙම ලිපිය තුළින් සාකාච්ඡා කරනු ඇත.

Speedlight භාවිතා කරන විට එක් අනාවරණයක් තුළදී ක්ෂණික ආලෝකය අපට අවශ්‍ය වාර සංඛ්‍යාවක් දැල්විය හැක. ඡායාරූපය අනාවරණය කිරිමට කැමරාවට විධානය ලබා දිමට පෙර අප විසින් අවශ්‍ය වාර සංඛ්‍යාව තිරණය කළ යුතු අතරම එම වාර සංඛ්‍යාව එක් අනාවරණයක් තුළ දැල්වි බහු අනාවරණයක් සිදු කරයි.

කැනන් හා නිකොන් සමාගමේ වෘත්තිය මට්ටමේ (high-end Speedlights) Speedlight වල මෙම පහසුකම දැකිය හැක. ( අනෙකුත් ක්ෂණික ආලෝක Speedlights වල ද මෙම පහසුකම වෙනත් නමකින් සමහර විට තිබිය හැක.) කැනන් සමාගම මෙම පහසුකම Multi Mode පහසුකම යටතේද,  නිකොන් සමාගම Repeating Flash (RPT) පහසුකම යටතේද ඔබ වෙත ලබා දි ඇත.


Stroboscopic Flash පහසුකමේදි flash output, frequency හා number of frames හි අගයන් වැදගත් තැනක් ගනි.
පහත වගු අධ්‍යනය කරන්න.

බහු අනාවරණය සිදු කරන විට ඡායාරූපයට නගන වස්තුව එක මත එක සටහන් විමක් සිදු වුවහොත් එම ස්ථාන Over Exposure විමක් සිදු විය හැක.

කැමරාවට ලබා දිය යුතු ද්වාර වේගය shutter speed = number of flashes / frequency (Hz) මත රදා පවති.

number of flashes යනු බහු අනාවරණ සංඛ්‍යාව වේ.

උදාහරණයක් ලෙස number of flashes per frame = 10  ක් හා frequency = 5Hz ක් වු විට ද්වාර වේගය තත්පර 2ක් වේ.